Thursday, May 21, 2020

කොම්පියුටරේ නිල් තිරය ආවොත් මොකද කරන්නේ

මචන් මන් අද උඹලට මුලින්ම කියන්න යන්නේ කාටත් ඇනයක් වෙච්ච මේ Blue screen අවුල ගේම් එහෙක සුපිරිම හරිය යද්දි Video එකක් rendering වෙද්දි එහෙම මේ කේස් එක උනාම අම්මා මුත්තා මතක් වෙනවා  මෙහෙමයි මේවට කියන්නේ Blu Screen Death පණිවිඩ නොහොත් Stop error එහෙමත් නැත්තම් අපේ යකා අවුස්සන Error....

මේවාට කරන්න දේවල් නම් අපිට කලින්ම දැන ගන්න විදිහක් නම් නෑ ඒක ඉතින් වෙලාව තමයි..මචන් උඹලට හීනියට පොඩි Error ටිකක් කියන්නම් හදිස්සියෙවත් ආවොත් blu screen තිරේක මේ මන් පල්ලෙහයින් කියන Error code උඹලට ගොඩ දාගන්න පුලුවම් වෙයි ගෙදරදිම මේ කේස් එක...

1 : Stop 0x0000007B or INACCESSIBLE_BOOT_DEVICE 

මේ Error එක ආවම bios වලට ගිහින් ඔයා Windows දාලා තියෙන Hard Disk එකමද කියලා බලන්න 1st boot device එකට තියෙන්නේ, එහෙම නෙමේනම් Windows මෙහෙයුම්පද්ධතිය තියෙන Harddrive එක 1st boot ලෙස නම් කරන්න,ගොඩාක් දුරට boot.ini එක ඩැමේජ් උනහමත් මේ නිල් තිරේ වැටෙනවා මේ Error එකත් එක්කම,හරි දැම් boot.ini කියන්නේ මොකක්ද කියලා හිතන්න එපා ඒක වෙනම post එහෙකින් කියන්නම්.

2 : Stop 0x00000077 or KERNEL_STACK_INPAGE_ERROR

මේ සීන් එක එන්නේ දHard disk එකේ ඇතිවෙන Bad sectors නිසා,හාඩ් එක ඇතුලේ තියෙන Disk ටික ඩැමේජ් වීම,ගොඩක් Harddisk එක රත් වෙද්දි,බිම වැටුනම වගේ මේ Bad sectors එනවා,

3 : Stop 0x0000003F or NO_MORE_SYSTEM_PTES

මේ error එක එන්නේ PagedPoolSize කියන path එක අවුල් ගිහාම මේක හදා ගන්න පුලුවම් මේ විදිහට
Win+R  press කරලා typ කරන්න regedit කියලා..
පස්සේ open වෙන menu එකේ යන්න
HKEY_LOCAL_MACHINE >> SYSTEM >> CurrentControlSet >> Control >> Session Manager >> Memory >> Management.
මෙතනදී අපිට හමුවෙනවා මේ කියන PagedPoolSize මේක open කරලා එහි අගය 0 කරන්න එතකොට හරි පසුව pc එක restart කරන්න.

4 : Stop 0x00000024 or NTFS_FILE_SYSTEM
මේ Error එක එන්නේ Hard disk එකේ NTFS.sys ගොනුව නිසි ආකාරව ක්‍රියාත්මක නොවීම නිසා,දැම් හිතනවා ඇති මොකක්ද NTFS.sys කියන්නේ කියලා මෙහෙමයි NTFS.sys   එක හරහා තමයි අපේ Hard disk එකේ දත්ත කියවීම ලියවීම කරන්නේ Read,Write process එක,මේකට කෙලඋනා කියන්නේ අතක් පයක් උලුක් උනා වගේ තමයි වෙනදා වගේ හරියට වැඩ කරන්න බෑ,එතකොට තමයි මේ Error එක එන්නේ, මේක ගොඩාක් දුරට හදාගන්න පුලුවම් Hard disk එකේ Drives upade karala නිවැරදි Drivers ඒ වගේම අපිට Windows මෙහෙයුම් පද්ධතියෙන් නොමිලේම ලබාදෙන disk defragmenter Software එකෙනුත් නිතර defragment කිරීම මගින් මේ දෝෂය වලක්වාගත හැකිය

නැවත හමුවෙමු..

Tuesday, January 21, 2020

ධනවතෙක් වන්නේ මෙහෙමයි

සාර්ථක පුද්ගලයෙකු ධනවතෙකු වීමට ඔබ තුල හදාගත යුතුම පුරුදු 10ක්

01) හොඳ පුරුදු හදා ගන්න.

අප හැමෝම ගාව හොඳ පුරුදු නරක පුරුදු යන දෙවර්ගයම තියෙනවා. යම් කෙනෙක් සාර්ථකද අසාර්ථකද යන්න තීරණය කරන ප්‍රධානතම සාධකය වන්නේ එම පුද්ගලයා තුළ ඇති දෛනික පුරුදු. සාර්ථක පුද්ගලයන් තුළ හොඳ පුරුදු ගොඩක් ඇති නමුත් නරක පුරුදු තියෙන්නේ ඉතාම ටිකයි. ඔබ තුළ ඇති නරක පුරුදු කල්පනා කර ඒවා ඔබගේ සාර්ථකත්වය වලක්වන බව ඔබට තේරුම් ගත හැකි නම් සාර්ථකත්වය කරා ගමන් කිරීමේ පළමු පියවර වන්නේද එයයි.

Sunday, January 19, 2020

මොනවාද මේ වයර් ඇතුළත තියෙන කුඩු...

සමහර සුදු කුඩු ඉහළ ධාරාවක් සහිත විදුලි රැහැන්වල භාවිතා වන බව ඔබට පෙනෙනු ඇති අතර ඒවා භාවිතා කරන්නේ ඇයිද යන්න ඔබේ මනසෙහි පැන නගී. ඉතින් මේ ලිපියෙන් අපි දැනගන්න යන්නේ විදුලි රැහැන් තුළ සුදු කුඩු භාවිතා කරන්නේ ඇයි, මෙම කුඩු වල නම කුමක්ද?

Friday, January 17, 2020

ව්‍යවසායකයෙක් වන්නේ කොහොමද ?

ව්‍යවසායකයෙකු වීමට සිහින දකින අය දැනගෙන සිටිය යුතු කරනු කිහිපයක් වේ.බොහො විට ව්‍යවසායකයෙකු වීමට අවශ්‍ය වුනත් ඒ වෙනුවෙන් දිරිමත් කිරිමේ ලිපි හා ඒ සම්බන්ද දේවල් තිබුනද ඒ සදහා සුදානම් විය යුත්තෙ කෙසේද යන්න දැක්වෙන ලිපි අල්පය. පහත දැක්වෙන්නෙ ව්‍යවසායකයෙකු වශයෙන් දැනසිටිය යුතු කරුණු කිහිපයක් හා ව්‍යවසායකයෙකු වීමට සිහින දකින්නන් හට නිතර ඇතිවෙන ගැටලු කිහිපයකි.

Wednesday, January 15, 2020

ඔබට වැදගත් පරිගණක කෙටි මං මෙන්න

පරිගණක භාවිතා කරන ඔබ සදහා වැදගත් Shortcut Keys

Ctrl + A - Select All
Ctrl + B - Bold
Ctrl + C - Copy
Ctrl + D - Fill
Ctrl + F - Find
Ctrl + G - Find next instance of text
Ctrl + H - Replace
Ctrl + I - Italic
Ctrl + K - Insert a hyperlink
Ctrl + N - New workbook
Ctrl + O - Open

Monday, December 2, 2019

නව බදු වලින් ඔබට වාසි ලැබෙන්නේ මෙහෙමයි..

නව රජයේ නව ආදායම් බදු සංශෝධන මෙරට රාජ්‍ය හා පුද්ගලික අංශයේ මාසික වේතන ලබන සේවකයින්ගේ ප්‍රශංසාවට ලක්ව තිබේ. බොහෝ ආයතනවල වසර අවසාන ප්‍රසාද දීමනා ආදිය ලබා දීමක් සිදුවන බැවින් මෙම දෙසැම්බර් මාසයේ දී තමන් මාසිකව ලබන වැටුපට වඩා කිහිප ගුණයක වැටුපක් අතට ගැනීමට බොහෝ ආයතනවල සේවකයෝ බලාපොරොත්තුවෙන් සිටිති.
කෙසේ වෙතත් පසුගිය දා ප්‍රකාශයට පත් කරන ලද නව ආදායම් බදු සංශෝධන ප්‍රකාරව දෙසැම්බර් මාසයේ දී ප්‍රසාද දීමනා හෝ වෙනත් දීමනා ඇතුළත්ව ලබන වැටුප, උපයන විට ගෙවීමේ බදු (PAYE) සඳහා යටත්

Monday, November 18, 2019

තාක්ෂණයට හිතැති ගෝටාගේ වගතුග

ශ්‍රී ලංකාවේ හත් වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳ අද හෙටදින තබන සටහනක්.ගෝඨාභය රාජපක්ෂ නාමය පිළිබඳව මෙරට ජනතාව අතර කතාබහක් නිර්මාණයවූයේ ඔහුව ඉලක්ක කරමින් එදා 2006 දෙසැම්බර් පළමුවැනිදා කොළඹ පිත්තල හන්දියේ සිදු වූ මේ බෝම්බ පිපිරීමෙන් පසුවයි.එවක ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී යුද්ධය නිමා කිරීමෙහිලා ඉවහල් වූ ප්‍රධාන සාධකයක්.'අපි වෙනුවෙන් අපි' ව්‍යාපෘතිය වැනි නව

Sunday, October 20, 2019

අකුණු ගැසීමේ විද්‍යාත්මක ක්‍රියාවලිය මෙන්න

තවමත් අකුණු හා අකුණු අනතුරු ගැන අපේ රටේ මිනිස්සුන්ට ලොකු අවබෝධයක් නැති නිසයි මේක ලියන්න හිතුවෙ.

සරලවම කිව්වොත් අකුණක් කියන්නෙ වළාකුළක තියෙන ආරෝපණ භූගත වීමක්. ඒත් වළාකුලකට කොහෙන්ද ආරෝපණ? මතකද පොඩි කාලෙ පෑනක් හිසකෙස් වල පිරිමැද්දම ඇතිවන ස්ථිති විද්‍යුත් ආරෝපණය? ඒ වගේම ස්ථිති විද්‍යුත් ආරෝපණ වලින් තමයි වළාකුලත් චාජ් වෙන්නෙ.