Wednesday, September 12, 2012

Add Meta Tags to blogger

                                          පේ කට්ටිය බ්ලොග් හදනවා..ඒත් හදපු බ්ලොග් එකට සෙනග එන්නේ නෑ කියල ලතවෙනවා.ඇත්තටම අපි එහෙම ලතවෙන්න ඕන නෑ..මෙන්න වැඩේ .ඔබ දන්නවාද Meta Tag ගැන මේ Meta Tag එකෙන් තමා අපේ බ්ලොග් එක ඉතාමත් ඉක්මනින් සෙවුම් යන්ත්‍රයන් වලට අසු වෙන්නේ..ඒ කියන්නේ google,yahoo වැනි සේර්ච් එන්ජින් වලට,ඒක නිසා ඔයාලට අද මම කියලා දෙන්න යන්නේ කොහොමද blogger වලට  Meta Tag එක අපේ බ්ලොග් එකට හරියට ඇතුලත් කරන්නේ කියලා..එහෙනම් ඔයාල  මම පහල කියලා තියෙන විදියට වැඩ ටික  කරගෙන Meta Tag එක ඔයලගේ බ්ලොග් එකට අතුලත් කරගන්න.

          මුලින්ම ඔයාලා Dashboard >> Design >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක්.

එතන <head> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ කොඩ් එක Highlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා <head> කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් එක අරගෙන Copy, Past කරන්න...

<meta content='text/html; charset=UTF-8' http-equiv='Content-Type'/>
<meta content='Your name' name='author'/>
<meta content='General' name='Rating'/>
<meta content='all,follow' name='robots'/>
<meta content='never' name='Expires'/>
<meta content='english' name='Language'/>
<meta content='INDEX,FOLLOW' name='Robots'/>
<meta content='Global' name='Distribution'/>
<meta content='4 Days' name='Revisit-after'/>
<meta content='Your email' name='Email'/>
<meta content='Your Blog description' name='description'/>
<meta content='Your Blog keywords' name='keywords'/>
<title>Your Blog title</title>


ඉට පස්සේ ඔයාලට එම ඇතුලත් කරපු කොඩ් එකට ඔයාලගේ බ්ලොග් එකේ විස්තර ඇතුලත් කරන්න වෙනවා..එම ඇතුලත් කර ගන්නා ආකාරය ගැන පහල බලන්න

1.ඉහත Meta Tag එකේ Your name යන තැනට ඔබගේ නම ඇතුලත් කරන්න
2.ඉහත Meta Tag එකේ Your email යන තැනට ඔබගේ ඊමෙල් ලිපිනය ඇතුලත් කරන්න
3.ඉහත Meta Tag එකේ Your Blog description යන තැනට ඔබගේ බ්ලොගය ගැන පුංචි හැදින්විමක් කරන්න..

4.ඉහත Meta Tag එකේ Your Blog keywords ඔයාලගේ බ්ලොග් එකේ ලියන දෙවල් ගැන keywords කොමා වලින් වෙන් කර ඇතුලත් කරන්න

උදා: Blogger Tricks,Blogger Tips,Blogger Gadget

5.ඉහත Meta Tag එකේ Your Blog title යන තැනට ඔයාලගේ බ්ලොග් අඩවියේ නම ඇතුලත් කරන්න

හරි මේ Meta Tag කිහිපය තමා අපි ඉහත Meta Tag එකෙන් අනිවාර්යෙන්ම හොදින් කරගන්න ඔනේ..

ඉට අමතරව ඉහත Meta Tag එක අපිට කැමති පරිදි පහල අකාරයට වෙනස් කරගන්න පුලුවන්..

6. ඔයාලගේ බ්ලොග් එක ගැන සොයා බලන්න Google Bot Visit කරන්න ඔනේ කාලය Days වලින් වෙනස් කර ගන්න.

<meta content='4 Days' name='Revisit-after'/>

7.පහල කොඩ් එකේ ඔබේ බ්ලොගයේ භාෂාව ඇතුලත් කරන්න..

<meta content='english' name='Language'/>

දැන් වැඩේ හරි ...ටික දවසකින් බලන්න කට්ටිය පටපට ගාල site එකට එන හැටි..තවත් seo tools
භාවිතා කර බ්ලොග් එක promote කරන හැටි බලන්න මෙතනින් ඇතුළුවන්න.

ඔබට ජය!

1 comment:

  1. ගොඩාක් ස්තුතියි යාලුවා

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.