Sunday, February 17, 2013

ග්‍රාහක ගැටුමකින් පෘතුවිය බේරා ගන්නේ කෙසේද..

            පසුගිය දිනවල අපට නිතරම වාගේ අසන්නට ලැබුනේ පොලොව මතට උල්කාපාත කඩා වැටීම ගැනය.වාසනාවකට මෙන් ලංකාව තුළට වැටුන කිසිම උල්කාවකින් කිසිවකුට හානියක් සිදු වුයේ නැත.එහත් පසුගිය දා රුසියාවට වැටුන උල්කාවෙන් 1000කට වඩා වැඩි ප්‍රමාණයක් තුවාල ලැබුහ.එම උල්කාව පොළවට කිලෝමීටර 50ක් පමණ තිබියදී පුපුරා ගොස් ඇත.එයින් හානිය අඩු වු අතර ගොඩනැගිලි වල විදුරු වල උල්කා කොටස් වැදීමෙන් ඒවා බිදී ගොස් ජනතාවට කැපීම් තුවාල සිදු විය.මෙහිදී හිරෝෂිමාවට හෙලු පරමාණු බෝම්බය මෙන් දස ගුණයක පමන බලගතු  පිපිරීමක් සිදුවී ඇති බව විද්‍යාක්ඤයන් කියා සිටිති.ලෝකය කෙතරම් දියුණු වුවත් එදින මෙම උල්කාව පොළවට වැටෙන තුරු කිසිවකුට එය සොයා ගත නොහැකි විය.
විද්‍යාක්ඤයන් පවසන්නේ මෙලෙස අප වෙත පැමිණෙන ඇතැම් ග්‍රාහක ඉතා අඳුරු ස්වාභාවයක් ගන්නා
නිසා ඒවා කල් ඇතුව හඳුනා ගත නොහැකි බවය.අත්තෙන්ම ඒවා අපට පෙනීමට පටන් ගන්නේ පොළවට වැටීමට දින දෙක තුනකට පෙරය.මෙය භයානක තත්වයකි මන්ද විශාල ප්‍රමාණයේ උල්කාෂ්මයක් පොළවට වැටුන හොත් මිහිපිට ජිවය සම්පුර්ණයෙන්ම අතුගෑවී යන්නට පුළුවන.එවැනි ග්‍රාහකයක් සාගරයට වැටුන හොත් විශ්වාස කල නොහැකි තරමේ සුනාමි ප්‍රහාරයකින් උසින් අඩු රටවල් විනාශ වී යනු ඇත.ඇතිවන මහා දුවිලි තට්ටුවෙන් වායුගෝලය වසාගනු ඇත.එයින් දින ගනනාවකට ආලෝකය පොළවට පතිත වීම නවතිනු ඇත.එයින් සියලු ප්‍රභාසංස්ලේෂක ශාක මියයනු ඇත.මේ නිසා ශාක භක්ෂක සතුන් කෙලින්ම මියයනු ඇත.ලොව පුරා දරුණු අහාර හිඟයක් ඇතිවනු ඇති අතර හිරුඑළිය නොවැටීමෙන් දරුණු ශිතලකින් මුළු ලොවම වෙලා ගනු ඇත.සියලු ශාක නැතිවීමත් සමග වායු ගෝලයට ඔක්සිජන් සැපයුම අඩාලවන බැවින් වායුගෝලයේ ඔක්සිජන් ක්‍රමයෙන් හීන වනු ඇත.මෙයින් ශ්වසන අපහසුතා ඇතිවී ජීවින් බහුතරයක් වැනසෙනු ඇත.විශ්ෂයෙන් ශිත රටවල්  වලට තවත් වඩවඩාත් ශීතල දැනෙනු ඇත.එයින් ජනයා දරුණූ ශීතලෙන්ම මියෙනු ඇත.සතුන් හා ශාක මියයාමෙන් ඇතිවන අපද්‍රව්‍ය නිසා බෝවන රෝග පැතිරී මිනිසුන් මියෙනු ඇත.මෙහිද
දරුණුම ලෙස සිදුවන විනාශය නම් ලෝකයේ පෙනහළු ලෙස ක්‍රියාකරන ලොව ප්‍රකට වනාන්තර පද්ධතිය විනාශ වීමයි.මෙයින් වායුගෝලයේ ඔක්සිජන් අඩුවීම නිතැනින්ම සිදුවිය හැකිය.ජලාශ අදීයට ආලෝකය නොලැබීමෙන් ඒවායේ ජලජ ශාක මියයාමෙන් ජලයට ඔක්සිජන් එකතුවීම අඩුවේ.එයින් ජලය ශ්වසන මාද්‍යක් කරගන්නා ජලජ ජීවින් පහසුවෙන්ම මියෙනු ඇත.එයින් ගංගා ඇතුළු ජල මුලාශ්‍ර අපවිත්‍ර වී බීමට ගන්නා ජලයෙන් ද ලෙඩරෝග පැතිරෙනු ඇත.ඔබ ඉහත කියවුයේ මගේ සිතට නැගුනු  ප්‍රබන්දයක් වැනි කතාවක්  වුවද සුවිශාල ග්‍රාහකයක් පොළව හා ගැටුන හොත් ඒ සියල්ල යතාර්ථයක් වන බව ඔබම සිතා බලන්න.
මෙවැනි ග්‍රාහක ගැටුමකින් ලෝකය බේරා ගැනීමට විද්වත්හු විවිද යෝජනා ඉදිරිපත් කරති.එහෙත් ඒ කිසිම යෝජනාවක් තවම අත්හදා බලා නැත.ඇතැම් විට එවැනි අත්හදා බැලීමක් අප දැනටමත් සිදුකර තිබිය යුතුය.පසුගිය දා පොළව සමීපයෙන් ගිය ග්‍රාහකය අපට කියන්නේ එයයි.

දැනට යෝජනා වී ඇති පෘතුවිය බේරා ගැනීමේ ක්‍රම පහත දැක්වේ.
1.ග්‍රාහක කල්තියා හඳුනා ගෙන ඒ වෙත පරමාණු බෝම්බයක් යවා පිපිරීමක් සිදුකර එය කැබලි වලට කඩා දැමීම.
2.කල්තියා හදුනා ගත් ග්‍රාහකයා වෙත පරමාණු අවියක් යවා එහි පෘතුවිය හා ගැටීමට එන කක්ෂය වෙනස් කිරීම.මෙහිදී අංශක කීපයකින් වුවද කක්ෂය වෙනස් කිරීම සෑහෙන බව විද්‍යාක්ඤයන් කියති.
3.පෘතුවියෙන් පිටත අජටාකාශයේ රදවා ඇති යානාවක සුවිශාල අවතල දර්පනයක් සවිකර එයට හිරුඑළිය වැටීමට සලස්වා එහි නාභිය ග්‍රහකයේ පැත්තකට වැටීමට සලස්වා එම කොටස වාෂ්ප වීමට සැලැස්වීමෙන් ඇතිවන ප්‍රතිබලය නිසා ග්‍රහකයේ කක්ෂය වෙනස් වී  එය පෘතුවියේ නොගැටී ඇදී යාමට සැලැස්වවී ම.

මෙම සියලු ක්‍රම වල සාර්ථකත්වය රඳා පවතින්නේ අප ග්‍රාහකය හඳුනා ගන්නා කාලය අනුවය.කල් තියා හඳුනා ගතහොත් අපට ගතහැකි පියවර විශාලය.අවාසනාවකට මෙන් අප ආසන්නයටම පැමිණි මෙවැනි ග්‍රාහකයක් හදුනා ගතහොත් ඇත්තටම අපට ගතහැකි ෂණික පියවරක් තවම යෝජනා වී නැත.විශ්වය හරහා අතිමහත් වේගයකින් ගමන් ගන්නා මෙවැනි ග්‍රාහකයක් වෙත සමීප වීම ලෙහෙසි පහසු නොවේ.පසුගිය දා අප පසුකර ගිය ග්‍රාහකයේ වේගය පැයට කිලෝමීටර 28000 කි.ඉහතින් මා දැක්වූ කිසිම ක්‍රමයක් තවත් වසර පනහකටවත් දියුණු නොවනු ඇතැයි විද්‍යාක්ඤයන් ප්‍රකාශ කරති.මින් පෙනී යන්නේ අප එකිනෙකාට කලකෝලාහල කරගනිමින් සිටියද අප සියලු දෙනා තවමත් සිටින්නේ අනාරක්ෂිතව බවය.
කොමෙන්ට් එකක් දාලම යන්න.

1 comment:

  1. ඉතාමත් වටිනා ලිපියක් සහෝ.බොහෝම ස්තූතියි!
    ඇත්තටම මේ විද්‍යාවෙන් හා තාක්ෂණයෙන් ලෝකයේ දියුණුයැයි සම්මත සියළු රටවල් සියල්ල මූලිකව එකතුවෙලා පෘථිවියට ග්‍රාහක කඩා වැටීම් වැනි මෙවැනි උපද්‍රව වලින් ආරක්ෂාරගන්න වැඩපිළිවෙලක් අද ඉඳලාම ආරම්භ කරන්න ඕනේ. එහෙම නොවුනත් පැය කිහිපයකින් වුවත් මිනිසා ඇතුළු සමස්ථ ජීවීන් සියල්ල මේ මිහිපිටින් අතුගා දමන්න මෙවැනි විනාශකාරී දෙයකට එතරම් අසීරුවක් නොවෙයි.

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.