Tuesday, February 26, 2013

බ්ලුරේ තැටි අනෙකුත් තැටි වලින් වෙනස්වෙන හැටි..

බ්ලුරේ තැටිය
            ෆ්ලොෆි ඩිස්ක්කයේ පටන් බ්ලුරේ තැටිය දක්වා අප ආ ගමන දිගුය.CD/VCD/DVD යනුවෙන් අප අතරට ආ ඩිස්ක් වර්ග ගණනාවකි.නවතම තැටි වර්ගය වන්නේ බ්ලුරේ තැටිය.අනෙකුත් සියලු තැටි වලට වඩා වැඩි ධාරිතාවක්‌ මෙම තැටියට හිමිය.
ඉහත ඕනෑම තැටියක් තනා ඇත්තේ ප්ලාස්ටික් තැටි දෙකක් අතර ඉතා තුනී පිරිසිඳු ඇලුමේනියම් තට්ටුවක් තැබීමෙනි.මෙම තහඩුව රත්තරන් වලින් සැදුව හොත් එහි දත්ත නොනැසී ඉතා දිගු කාලයක් පවතී.තැටියේ මතුපිට ඇති ස්තරය තුනී ඇක්‍රිලික් ප්ලාස්ටික් තහඩුවකි.තැටියේ යටි පැත්ත ඝන පොලිකාබනේට් ප්ලාස්ටික් වලින් නිමවා තිබේ.

ඕනෑම තැටියක තොරතුරු ගබඩා වී ඇත්තේ ඇලුමිනියම් තහදඩුව මතුපිට වලයාකාරව කුඩා කුහර (pit)සැකසීමෙනි.මෙම කුහරයක් සාමාන්‍යයෙන් නැනෝමීටර් 100ක් ගැඹුරුය.නැනෝමීටර් 500ක් පළලය.(නැනෝමිටරයක් යනු මිලිමිටරයකින් දශලක්ෂයෙන් කොටසකි)මෙම ගැඹුර හා පළල ඉතා සුළු වශයෙන් වෙනසක් කෙරිමෙන් තැටියේ දත්ත තැන්පත් වේ.මෙලෙස කුඩා කුහර දෙකක් අතර දුරට කියන්නේ නෙරුමක්(Lands)කියාය.CD තැටියක නෙරුම් දෙකක් අතර දුර මයික්‍රෝ මීටර් 1.6ක් පමණවේ.CD/VCD/DVDතැටි වල නෙරුම් දෙකක් අතර දුරට වඩා බ්ලුරේ තැටියක නෙරුම් දෙකක් අතර දුර අඩුය.එය 0.32මයික්‍රෝ මිටර් පමණ වේ.මෙම දත්ත කියවීමට CDතැටියක භාවිතා කරනුයේ 780තරංග ආයාමය සහිත ලේසර් ධාරාවකි.මෙම ලෙසර් ධාරාව තැටියේ ඇති ඇලුමිනියම් තහඩුවේ වැදී පරාවර්තනය වන්නේ ආලෝක සංවේදී සංවේදකයක් වෙතය.එම සන්වේදකයෙන් ලබාගන්න තොරතුරු පරිගණකයේ ඇති විශේෂ පරිථයක් මගින් කියවනු ලබයි.බ්ලුරේ තැටියක දත්ත කියවීමට යොදාගන්නා ලේසර් ධාරාවේ ආයාමය 405නැනෝමීටර් පමණ වේ.

blu ray disk information
මෙවැනි තැටි වර්ග වල නැවත නැවත දත්ත තැන්පත් කලයුතු තැටි වල ඇලුමිනියම් ස්තරයක් වෙනුවට වර්ණ රසායන ද්‍රව්‍යක් භාවිතාවේ.CD RW/DVD RW ලෙස හැඳින් වෙන්නේ මේවාය.මෙහිදී වර්ණක වශයෙන් සයනනීන්,තැලෝසයනනීන්,මෙටල් ඇසෝ යොදා ගනුලබයි.තැටි ධාවකයේ ලියවනය මගින් විදිනු ලබන ලේසර් ධාරාවේ තාපයයට රත්වන මෙම වර්ණක තට්ටුවේ වලයාකාර කුහර ඇතිකරයි.මෙම කුහර වල රටාව පරිගණකය මගීන් ලබාදුන් දත්තවලට අනුරූපී ලෙස ඇතිවේ.නැවත ලේසර් කදම්භයක් මෙයට එල්ල කල විට කලින් සටහන් කල දත්ත නැවත ප්‍රතිනිර්මාණයය වේ.සාමාන්‍යයෙන් CD තැටියක 700MBද DVD තැටියක 4.7GB ද බ්ලුරේ තැටියක 25GB වශයෙන් දත්ත තැන්පත කල හැකිය.

ඔබට ජය!.

3 comments:

  1. පරිගණක සඟරාව ගන්නවාට වඩා මෙම අඩවි අපිට නොමිලයේ සේවාවක් කරනවා. ඔබ ලිපියට වැය කළ කාලය, සහ ඔබේ දැනුම අපට වටිනා තොරතුරක් ලබා දී තිබෙනවා. ස්තුතියි.

    ReplyDelete
  2. අද තමයි මට මේ ලිපිය කියවන්න ලැබුනේ. අැත්තටම හොද දෙයක්. බ්ලූ රේ ගැන අහලා තිබුනට පාවිච්චි කලාට ඒහි සංයුතිය ගැන දැනගෙන හිටියේ නැහැ. ස්තුතියි.

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.