Thursday, March 21, 2013

නොමිලේ ෆැක්ස් යවන හැටි..

       ඔබ ෆැක්ස් පණිවිඩයක් යවන විට අනිවාර්යයෙන් මුදල් ගෙවීමට සිදුවෙනවා..ගෙදර ෆැක්ස් යන්ත්‍රයක් නැතිනම් communication එකකට ගිහින් තමයි යවන්න වෙන්නේ..මම අද ඔබ ඒ කරදරයෙනුත් නිදහස් කරනවා.මෙන්න ගෙදර ඉඳලම නොමිලේ ෆැක්ස් යවන්න ක්‍රමයක්.ඔය ගොල්ලන්ට තියෙන්නේ මෙතනින් ගිහින් myfax.com හි ලියාපදිංචි
වෙලා හිතේ හැටියට ලෝකයේ ඕනෑම තැනකට අන්තර්ජාලය හරහා ෆැක්ස් යවන එකයි.ඔබට මාසයකට ෆැක්ස් පණිවිඩ සියයක් යවන්නටත් දෙසීයක් ලබාගන්නටත් පුළුවන්.තීන්ත,ෆැක්ස් යන්ත්‍ර අවශ්‍ය නැති නිසා වැඩේ වාසියි.ඔබට ලැබෙන්නේ පරික්ෂාකිරීමේ සංස්කරණයක්.වැඩේ අල්ලලා යනවා නම් මුදල් ගෙවා සම්පුර්ණ සංස්කරණයම මිලදී ගන්න පුළුවන්..නැතිනම් මාසෙකට පස්සේ ඔබේ පරිගණකයේ IP ලිපිනය වෙනස් කර අලුත් ගිණුමක් සාදාගන්න.යලිත් නව ගිණුමක් සාදා ගැනීමට පෙර ඔබේ වෙබ් බ්‍රවුසරයේ කුකීස් තිතටම මකා දමන්න.නැතිනම් බ්‍රවුසරය මාරු කරන්නත් අමතක කරන්න එපා..
ඔබට ජය!

2 comments:

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.