Thursday, March 14, 2013

මාසිකව අසීමිතව උපයන්න..අලුත් මගක්..

led bulbs sri lanka
    අන්තර්ජාලය තුලින් මාසිකව අසීමිතව උපයන්න පුළුවන් බව තෙපර බාමින් කිසිත් නොදත් පාරිබෝගිකයන් ගසාකන උදවිය අද විරල නොවේ.අන්තර්ජාලයෙන් අසීමිතව උපයන්න පුළුවනි.එහෙත් ඒ අන්තර්ජාලයේ හෝ පුවත්පතක පලවන අන්දමින් පහසුවෙන් නම් නොවේ.ඒ සඳහා මනා පුහුණුවක් හා මිඩංගු කළහැකි කාලයක්,දැනුමක් දක්ෂතාවයක් තිබිය යුතුය.එවැනි පුද්ගලයන් අද ලංකාවේ සිටිනුයේ අතලොස්සකි.ඉතින් මම අද ඔබට කියාදෙන්නේ තවත් 'e money' ක්‍රමයක් ගැන නොවේ.
ඔබේ සුළු ඉලෙක්ට්‍රොණික හැකියාවෙන් ගෙදර සිටම ආදායමක් ලබා ගන්නා  හැටිය..මේ සඳහා ඔබට කිසිඳු ප්‍රාඨමාලාවක් හැදෑරිය යුතු නැත.මෙන්න මේකයි අලුත් ක්‍රමය.

LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 01.
ආලෝකය ලබා ගැනීම සඳහා අප දැනට භාවිතා කරන සුත්‍රිකා පහන කෙතරම් නාස්තිකාර විදුලි පහනක් දැයි ඔබට අමුතුවෙන් කියා දිය යුතු නැත.එම බල්බයට යෙදෙන විදුලි ශක්තියෙන් 90% ක් පමණ තාපය වශයෙන් අපතේ යයි.තාපය නොව අපට අවශ්‍ය වන්නේ ආලෝකයයි.මා හදුන්වා දෙන LED විදුලි පහනට සැපයෙන විදුලි ශක්තියෙන් 90% ක් ආලෝකය බවට හැරේ.එය හැල්මේ දිවයන ඔබේ නිවසේ විදුලි මීටරයට මහා අස්වැසිල්ලක් වනු ඇත.ළඟදීම විදුලි බිලද වැඩිවන නිසා මෙවැනි අලුත්දෙයකට අත ගැසීම සැබවින්ම අත්යවශ්‍ය දෙයකි.දැනට අප භාවිතා කරන CFL බල්බ වලද අප හිතනතරම් විදුලියක් ඉතිරි නොවේ.බාල හා ව්‍යාජ CFL බල්බ් වෙළෙඳ පොළ ආක්‍රමණය කර ඇත.ඒවා දැමීමෙන් කොහෙත්ම විදුලියක් ඉතිරි නොවේ.රටට අත්‍යවශ්‍ය මොහොතක LED විදුලි බල්බ ඉතා පහසුවෙන් සකසන අයුරු මම ඔබට නොමිලේ කියාදෙමි.මා ඉලෙක්ට්‍රොනික තාක්ෂණයට අත ගැසුවේ කුඩා කලම නිසා මෙම තාක්ෂනය පිළිබඳව හොඳ අත්දැකීමක් මාහට ඇත.ඔබට මා මෙය පියවරෙන් පියවර පාඩම් මාලාවක් ලෙස හදුන්වා දෙන අතර.ඔබේ එය කියවා ඔබට ගැටළු ඇත්නම් geek.lk හරහා හෝ මාහට කොමෙන්ට් එකක් ලෙස එවන්න.ඒ  සෑම ගැටළුවකටම මම පිළිතුරු ලබාදෙමි.
අද පලමු පාඩමින්  අප LED විදුලි බල්බ වල වාසි අවාසි කතාකරමු.
වාසි
1.වැයවන විදුලි බලය ඉතා අඩුය.
2.සුදු ආලෝකයක් විහිදුවයි.
3.ඉතා දිගුකලක් භාවිතා කලහැකිය.(වසර 5ක්)
4.ඉතා අඩු මුදලකින් අලුත්වැඩියා කල හැකිය.
5.දැනුමින් අඩු අයකු ට වුවද සැකසිය හැක.
6.නිවසේ සිට කල හැකි ලාභ දායි ව්‍යාපාරයකි.
7.අමුද්‍රව්‍ය ඕනෑ තරම් ඇතිනිසා සපයා ගැනීම පහසුය.
8.ස්වයං රැකියාවක් ලෙස ආරම්බ කර ඉක්මනින් දියුණුවිය හැක.
අවාසි
1.මුලික වියදම තරමක් වැඩිය.(එහෙත් බල්බය දල්වන විට එම මුලික වියදම මෙන් කීප ගුණයක ලාභයක් ලැබේ.)

ඊළඟ පාඩමින් හමුවෙමු..
  •     LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 2.මෙතනින්
  •     LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 3.මෙතනින්
  •     LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 4.මෙතනින්
  •     LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 6.මෙතනින්

ඔබට ජය!

16 comments:

  1. මේකනම් ගොඩාක් වැදගත් වේවි.
    ඔයාගේ ඊලග ලිපිය එනකන් මම මග බලන ඉන්නේ.

    මම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත්

    ReplyDelete
  2. මේක බ්ලොග් වලින් පිටට ගෙනියන්න පුලුවන්නම් කාටහරි හොද ආදායමක්, වගේම රටට විශාල ආර්ථික වාසියක් ඇත වෙන වැඩක් වගේ, කොහොම නමුත් කවුරු හෝ මේක කරගෙන යනවනම් අනුකාරකයන් බිහිවීම සිදුවන නිසා ඉක්මනින් ජනප්‍රිය වෙයි, මේ කියන වාසි තියෙනවනම් ගොඩක් හොදයි, cfl අපු කාලෙත් හැමෝම ඒ පැත්තට ඇදිලගියාට දැන් පේනවනේ වෙනස,
    අපි බලාපොරොත්තුවෙනවා ඉක්මනින් ඉතුරු පොස්ට් ටිකත් ,

    ReplyDelete
  3. නියමයි.... ඊළඟ ලිපිය ඉක්මනින් දාන්න..

    ReplyDelete
  4. ඕක නියමයි.. මාත් මගේ පාවිච්චියට හදාගෙන තියනවා. වටිනවා මෙවැනි දේ ලියන එක.

    ReplyDelete
  5. බොහොම ස්තූතියි..මේකනම් අපිට ගොඩක් වැදගත් වේවි...අපි බලාගෙන ඉන්නවා ඊළග පාඩම එනකන්....

    ReplyDelete
  6. We are a gaggle of vοlunteers and opening a
    new sсheme in ouг communitу.

    Yоuг website offered us wіth νaluable info to worκ on.
    You've performed a formidable activity and our entire group shall be grateful to you.

    Stop by my web page; https://blag.wiki.aktivix.org

    ReplyDelete
  7. Saved as а favoritе, I reallу like уour
    website!

    my web-site http://djgalix.pl/

    ReplyDelete
  8. Definіtely believe thаt whiсh you ѕtated.
    Youг fаvοrіte juѕtіfіcation appеareԁ tо be on thе ωeb thе simplеst thing to be awагe of.
    I ѕay tο yоu, I certainly get iгked while people think about worriеs that thеу plaіnlу dо not
    knοw abоut. You managеd tο hit thе nаil upon the toρ as well as ԁefineԁ оut thе whοle thіng
    withοut haѵing side effect , peοple сould take a sіgnаl.
    Will pгobably bе bаcκ tο gеt moгe.

    Thаnκs

    my wеb blog :: visit the following webpage

    ReplyDelete
  9. Thiѕ is really interesting, Yоu are a very skіlled blogger.
    I've joined your rss feed and look forward to seeking more of your excellent post. Also, I have shared your website in my social networks!

    Review my web site - asadiweb.info

    ReplyDelete
  10. I could not refrain from commentіng. Very
    well written!

    Also visit my web sitе: zasilacze samochodowe

    ReplyDelete
  11. I don't know if it's just mе or if eѵerybоdy
    else experіencing problems ωith
    your blog. Ιt seemѕ lіke sοme of thе text on your postѕ are running off
    thе ѕcrееn. Can ѕomebody elsе pleaѕe comment аnd
    let me κnoω if this is happening to thеm as ωell?
    This could bе a issue ωіth my wеb browsеr becauѕe I've had this happen before. Kudos

    Also visit my blog post; classes.biodiv.tw

    ReplyDelete
  12. This is mу first timе pay a vіsit аt here and i am truly
    impressed tо гead all at alone place.


    My page http://marcinlinux.private.pl

    ReplyDelete
  13. Greаt information. Lucky mе I found
    yοur site by chance (stumbleupοn).
    I have bοоκ markеd it for later!


    Alsο visit my blοg - projektypolskie.pl

    ReplyDelete
  14. ඇලුමිනියම් LED බල්බ් එක හදල ටික දවසක් හොදට දීප්තියෙන් පත්තු උනා.ඒත් දැන් එළිය අඩුවෙලා.බල්බ් එකක නෙමේ බල්බ් 08 ක් හැදුවා.ඒ ඔක්කොගෙම එහෙම වෙලා.0772800300

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.