Tuesday, April 23, 2013

ඩොන්ගල් අන්ලොක් කරන ලේසිම ක්‍රම..


  ඔබ සතුව ඇති ලොක් තත්වයේ ඇති ඩොන්ගල්  ඔබට භාවිතා කිරීමට නොහැකි ලෙස තවමත් වද දෙනවා ද එසේ නම් මම අද ඔබව එම කරදරයෙනුත් නිදස් කරමි.
DC unlocker නමැති ලෝකයේ පහසුම ක්‍රමය
මගින් ඩොන්ගල් අන්ලොක් කරන හැටි මම ඔබට කියලා දෙන්නම්.මෙමගින් ඩොන්ගල් වලට අමතරව ජංගම දුරකථන ඩේටා මොඩම් වැනි උපාංගත් අන්ලොක් කර ගත හැක.DC unlocker මෘදුකාංගය පරිගණකයට යොදා ඇති විට ඔබ අගුලු ඉවත් කිරීමට සැරසෙන ඩොන්ගලයේ සියලු විස්තර එම මෘදුකාංගය මගින් ස්වයංක්‍රීයව සොයා ගනී.ඔබට ඇත්තේ ඩොන්ගලය නිෂ්පාදකයාගේ නිවැරදි නම ලබා දී බට්න් කීපයක් එබීම පමණි.පළමුව ඔබ පහල ලින්ක් එකින් මෘදුකාංගය බා ගන්න..

HETADINA-DC-unlocker මෘදුකාංගය  මෙතනින් බාන්න..

දැන් එහි HETADINA-DC-unlocker.exe ලෙස ලැබෙන සෙටප් ෆයිල් එක මත ඩබල් ක්ලික් කරන්න.එය පරිගණකයට තත්පර කීපයකදී ඉන්ස්ටෝල් වේවි.මෙම මෘදුකාංගය ඉන්ටනෙට් ඇති තැනකදී ඩවුන්ලෝඩ් කරගෙන පෙන්ඩ්‍රයිව් එකක රැගෙන ගොස් භාවිතා කරන්නට පුළුවන.ඒ සඳහා ඉන්ටනෙට් අවශ්‍ය නොවේ.
මෘදුකාංගය ක්‍රියාත්මක කිරීම.
1.මෙම මෘදුකාංගය නිවැරදිව ස්තාපිත වුයේනම් ඩෙක්ස්ටොප් එක මත DC-Unlocker client නමින් ෂෝට්කට් එකක් ලැබෙනු ඇත.
2.ඔබේ අන්ලොක් කලයුතු ඩොන්ගලයේ අඩංගු මෘදුකාංගය(mobile partner)පරිගණකයට ස්ථාපනය කරන්න.
3.ඩොන්ගලය එසේම පරිගණකයට සවිකර තබන්න.
4.දැන් ඩෙක්ස්ටොප් එක මත ඇති DC-Unlocker client නම් ෂෝට්කට් එක මත ඩබල් ක්ලික් කරන්න.
5.DC-Unlocker 2 client ලෙස පහත පරිදි වින්ඩෝවක් ලැබේවි.
 6.එහි මම  1 ලෙස දක්වා ඇති තැනට ඔබේ ඩොන්ගලයේ නිෂ්පාදකයාගේ නම නිවැරදිව දෙන්න.එය සොයාගැනීමට අපහසු නම් ඩොන්ගලයේ පියන ගලවා බලන්න.
7.2 ලෙස දක්වා ඇති තැනට කිසිවක් නොලියන්න.මෙහි  Auto detect (recommended) ලෙස ඇති බැවින් ඔබේ ඩොන්ගලය ස්වයංක්‍රීයව හදුනා ගනු ඇත.
8.දැන්3ලෙස දක්වා ඇති සර්ච් බට්න් එක ක්ලික් කරන්න.එවිට ඔබේ ඩොන්ගලයේ තොරතුරු පහලින් ඇති කොටුවේ පෙන්වයි.ඩොන්ගලයේ වර්ගය,ඉමි අංකය ඇතුළු එය ලොක් වී ඇති බවද පෙන්වයි.
9.දැන් ඩොන්ගලය එක තත්පර කීපයකින් අන්ලොක් කරගැනීමට ඔබ සුදානම්ය.එට පෙර ඔබේ පරිගණකයේ විදුලි සැපයුම බිඳ නොවැටෙන වගට සහතික කර ගන්න.UPS එකක් හරහා විදුලිය සැපයීම ඉතා වැදගත්ය.යම් හෙයකින් අන්ලොක් වෙමින් තිබියදී විදුලිය විසන්ඳි වුව හොත් නැවත ඔබේ ඩොන්ගලය භාවිතයට ගත නොහැකි තත්වයට පත්වේ.
10.ඩොන්ගලය ලොක් බව දැනගෙන මෘදුකාංගයේ දකුණු පස ඉහලින්ම ඇති Unloking (4)නමැති බට්න් එක ඔබන්න.දැන් පහත පරිදි දිස්වේ.
11.ටික වෙලාවකින් පහත පරිදි දිස්වේ.
13.දැන් ඔබේ ඩොන්ගලය අන්ලොක් බවට ස්ථිර කරගැනීමට මෘදුකාංගයේ වම් පසින් පෙනෙන කලින් භාවිතා කල සර්ච් බොත්තම නැවත ඔබන්න..
.
14.sim lock status යටතේ unlock යනුවෙන් ලැබී ඇතිනම් ඔබේ කාර්ය අවසන්ය.දැන් ඔබට ඕනෑම වර්ගයකට අයත් සිම් එකක් යොදා අන්තර්ජාලයේ සෙවුමෙහි යෙදිය හැක.

ඩොන්ගල් එකක් අන්ලොක් කරන හැටි පළමු පාඩම මෙතනින්.>>>>.

ZTE ME1OO අන්ලොක් කරනහැටි ඊළඟ පාඩමින්..

ඔබට ජය!

2 comments:

  1. තංකූ...
    සැම්සුන්ග් කොරියන් ෆෝන්වල කන්ට්‍රි ලොක් කඩන හැටිත් දාන්නකෝ.......

    ReplyDelete
  2. සුපිරි මචන් සුපිරි..............

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..