Thursday, April 25, 2013

Nokia මුලස්ථානය විකුණයි..

  ලොව අංක එකේ ජංගම දුරකථන නිෂ්පාදකයා ලෙස කිරුල පැළඳි ලෝකප්ප්‍රකට නොකියා සමාගම බරපතල මුල්‍ය අර්බුධයකට පත්ව ඇත.ඇපල් හා android වෙළෙඳ පොළ ආක්‍රමණය කිරීමත් සමග nokiya සමාගමට මරු පහරක් වැදී තිබේ.තම මුල්‍ය ස්ථාවරත්වය නව නිෂ්පාදනයක් ඉදිරිපත් කිරීමට නොසෑහෙන බැවින් ඔවුන්ට සිය සමාගමේ
අනාගතය තීරණය කිරීම සඳහා විශාල මුදල් ප්‍රමාණයක් එකවර ලබා ගැනීමට සිදුවී ඇත.ඔවුන් ඒ සඳහා කරන්නේ තමන්ගේ මහගේදර වන පින්ලන්තයේ  එස්පෝ නම් ප්‍රදේශයේ පිහිටි තම ප්‍රධාන ගොඩනැගිල්ල විකුණා දමා ඉන් ලැබෙන මුදලින් නව නිර්මාණ සමගින් වින්ඩෝස් සමග එකතු වී අලුත් ආකාරකින් ලොව ජය ගැනීමය.ඔවුන් තම ප්‍රධාන නිවස විකුණා ඇත්තේ Exilion නමැති පින්ලන්ත සමාගමකටය.දැන් නොකියා සමාගම කරන්නේ විකුණා දැමු තම ගොඩනැගිල්ල අඩු මුදලකට කුලියටගෙන ඉතිරි මුදලින් දුරකතන ව්‍යාපාරය සංවර්ධනය කිරීමය.ඔවුන් තම නිවස විකුණා ඇත්තේ ඩොලර් මිලියන 200 කටය.තමන්ගේ නිවස තමන්ටම කුලියට ගන්නා නොකියා සමාගමේ අනාගතය කෙබදුවේවිද?

No comments:

Post a Comment

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.