Monday, May 13, 2013

SMD LED බල්බ හදමු..


   ඔයාලා මගේ LED පාඩම් මාලා කියවලා ගොඩක් ප්‍රයෝජන අරන් තියෙන බව ඔබගේ කොමෙන්ට් වලින් පැහැදිළියි.ඉතින් අද මම කියල දෙන්න යන්නේ තවත් අලුත් ක්‍රමයක LED බල්බයක් හදන හැටි.මේක හදන්න කලින් ඒවාට වඩා පහසුයි.වියදමත් අඩුයි.කුඩා වෙලාවකින් සවි කල හැකියි.මෙම බල්බ ඔයාලා TV එකේ එහෙම දැන්වීම් වලින් දැකල ඇති.හැබැයි ඒවා නම් අස්ප
ගණන්..ඒත් එම තාක්ෂණය ම සහිතව මම හදන LED බල්බයක් රුපියල් 650 කට විතර විකුනලා ඔබට ලාබයක් ගන්නත් පුළුවන්.මෙච්චර ලාබෙට දෙන්න පුළුවන් හේතුව තමයි අපට මේවා හැදුවට රජයට බදු ගෙවන්න ඕනා නැති නිසා.ඒ කියන්නේ මොන උපකරණය අපට ගෙදරදීම හදන්න පුළුවන් නම් වඩාත් වාසි සහ ගත බවයි.
මෙම බල්බයට කියන්නේ SMD LED (surface mounted device) බල්බ කියලා.මෙම LED සවි කරන්නේ පැතලි මතුපිටකයි.මෙම LED දැල්වෙන කොට තාපය පිට වෙනවා.එම තාපයෙන් LED එක විනාශ වෙන්න පුළුවන් ඒ නිසා ඝන තාප අවශෝෂකයක් යොදා තිබෙනවා.මෙය බොහෝවිට ඇලුමිනියම් වලින් තනා තිබෙනවා.බල්බයේ ආවරණය විදිහටත් මෙය ක්‍රියා කරනවා.මෙම බල්බයක SMD LED 5 ක් අන්තර් ගත වෙනවා.ඒවා පාස්සා ගැනීමට රවුම් මුද්‍රිත පුවරුවක් ඔබට කොටස් සමග ලැබෙනවා එය ද සකස් කර ඇත්තේ තාප අවශෝෂකයක් ලෙසයි.මෙම බල්බයට බලය සැපයෙන්නේ කුඩා පරිපථයකින්. එය කොටස් සමග ලැබෙනවා..මෙම බල්බ 5W,7W,9W,ලෙස මිලදී ගත හැකියි.5W එකක් හදන්න රු.490 ක් විතර යනවා..එහි එළිය කාමරයකට හොඳටම ප්‍රමාණවත්.
මෙ විදිහට බල්බය හදා ගන්න.







මේ තියෙන්නේ SMD බල්බයක සාමාන්‍ය ගති ලක්ෂණයි.
 surface mounted device
Color: White
Power: 5W (W)
Color temperature: 6000K-7000K (deviation of 5%)
Brightness :300-400Lm (600mA)
Viewing angle:  120-140 degrees
Voltage (VF) : 6.4V-7.2V
Reference current: (IF): 700mA
Reverse voltage: 5V
Working temperature: -20-60 degrees
Storage temperature: 20-60 degrees
Life: 50,000 hours
Note: Pin solde

ඔබට ජය!

2 comments:

  1. mekata badu ganna thiyenne koheda..

    ReplyDelete
    Replies
    1. meke සර්කිට් එක දෙනවද?

      Delete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.