Sunday, July 27, 2014

ගෙදර ඉඳන් පිටරටින් බඩු ගෙන්වමු...

අපට කොළඹ නොගිහින් ගෙදර සිටම යම් භාණ්ඩයක් ගෙන්වා ගන්න හැටි මම ඔබට කියල දෙනවා කියලා මිට පෙර පොස්ට් එකෙකින් කීවා මතක ඇති.ඉතින් අද එකේ ඉතුරු ටික කියා දෙන්නම් මේකෙන් ඔබට ලංකාවේ වෙබ් අඩවි මෙන්ම පිටරට වෙබ් අඩවි වලිනුත් ඕනා ම භාණ්ඩයක් ඇනවුම් කරලා ගෙදරටම ගෙන්වා ගත පුළුවන්.. ඒවගේම EBAY එකෙනුත් භාණ්ඩ ගෙන්වා ගන්න PAY PAL එක සක්‍රිය කරලා එමගින් මුදල් ගෙවීමට සම්පත් වෙබ් කාඩ එකකින් පුළුවන්.මේ වගේ පාඩම් කියලා දෙනවාට ගොඩක් බිස්නස්
කරන ය කැමති නැහැ.මොකද  එකටියට බිස්නස් අඩුවෙනවා කියලා.. අන්තර්ජාලය තුල මුදල් ගණුදෙනු කළ හැකි පහසුම මග වන සම්පත් Webcard ගැන.
ඔයාලා ලඟම තියෙන සම්පත් බැංකුවට ගිහින් සම්පත් වෙබ් කාඩ් එකකට අප්ලිකෙශ්ස්න් එකක් පුරවලා දෙන්න.ඔවුන් කියාවි සති දෙකක් යනවා කියලා කාඩ් එක එන්න.ඉතින් ඔය කාඩ් ඔබට ආකාර කීපයකින් ලබා ගන්න පුළුවන් විවිධ මිල ගණන්යටතේ. රු.2500, 5000, 7500, 10000 විදිහට ඕන එකක් තෝරා ගන්න පුළුවන්..
 අපිට සති දෙකකින් කාඩ් එක එවන්න ඕන ගෙදරටද නැතිනම් ලඟම සම්පත් සම්පත් බැංකුවටද කියලා ඒ ය ඔබට දුරකථන ඇමතුමක් දීලා අසාවි.ඔබ කියන්න ලඟම බැංකුවට එවන්න කියලා.
හරි කාඩ් එක ගත්තා කියමුකෝ ඉතින් ඒ පමණින් එක අන්තර්ජාල ගනුදෙනු කරන්න සුදුසුනෑ එය සම්පත්බන්කුව ලබා දෙන අංක යොදා ස්ථිර කරගත යුතු වෙනවා.අන්තර්ජාලයේ ගොඩක් ගෙවීම් කරන්න වෙන්නේ PAYPAL හරහා ඉතින් අපි මේ PAYPAL එකට අපේ සම්පත් වෙබ් කාඩ එක සම්බන්ද කරමු.
වෙබ් කාඩ එක PAYPAL එකට ලින්ක් කරන හැටි..
මුලින්ම PAYPAL ගිණුමක් හදා ගන්න.එක හරි ලේසියි.www.paypal.com එකෙට ගිහින් බලන්න.ඊට පස්සේ මෙන්න මෙහෙම කරන්න.

1. PayPal වෙත ගොස් ඔබේ ඉ-ලිපිනය සහ මුරපදය ලබා දී ඔබ සාදාගත්තු PayPal ගිණුමට log in ‍වෙන්න.

2. රූපයේ දක්වා ඇති පරිදි My Account --> Profile --> Add/Edit Credit Card තෝරන්න.



3. එලෙස තේරූපසු ඔබට දිස්වෙන කවුළුවෙන් Add Card යන්න ක්ලික් කරන්න..
4 ඊට පස්සේ මේ වගේ ෆෝරම් එකක් පුරවන්න කියයි එය නිවැරදිව පුරවන්න.
1.    First Name: මේ සඳහා ඔබේ සැබෑ මුල්නම දෙන්න. PayPal වලින් ගෙවීම් කර ලබා ගන්නා භාණ්ඩ තැපෑලෙන් ලැබෙන්නෙ මේ නමටයි.
2.    Last Name: මෙය ඔබට වෙනස් කළ නොහැකියි. PayPal ගිණුම සෑදීමේදී ඔබ ලබා දුන් වාසගම මෙතන දිස්වෙයි.
3.    Card Type: මෙතන ඇති තේරීම් තුනෙන් Visa යන්න තෝරන්න. (අපේ Webcard එක Visa කාඩ්පතක්.)
4.    Card Number: මෙතනට ඔබ ලබා දිය යුත්තෙ ඔබේ Webcard එකේ ඉදිරිපස ඇති අංක 16කින් යුත් අංකය. ඉරිකෑලි හෝ හිස්තැන් නොතබා අංක 16ම යතුරු කරන්න.
5.    Expiration Date: ඔබේ කාඩ්පත කල් ඉකුත් වන මාසය හා අවුරුද්දත් Webcard එකේ ඉදිරිපසම දිස්වෙනවා. (VALID THRU ලෙස) අන්න එම මාසය හා අවුරුද්ද මේ සඳහා ලබා දෙන්න.
6.    Card Verification Number: මේ සඳහා ලබා දිය යුත්තේ Webcard එක සමඟ ඔබට ලැබුණු අංක හතරකින් යුත් මුරපදය (Password එක).
මේ  රූපයේ දැක්වෙන දෑ වලට අමතරව එතනදි තව ඔබෙන් අහනවා Billing Address එක මොකක්ද කියලා. ඒ සඳහා ඔබට Use this address as billing address මගින් PayPal ගිණුම සෑදීමේදී ඔබ ලබා දුන් ලිපිනය හෝ Enter a new address as billing address මගින් වෙනත් ලිපිනයක් හෝ ඇතුලත් කරන්න පුළුවන්.

 මේ තොරතුරු සියල්ල ඇතුලත් කිරීමෙන් පසු Add Card යන්න ක්ලික් කරන්න.



එවිට මොනවා හරි වැරැද්දක් ඇති බව කියා පණිවිඩයක් ලැබේ නම් ඔබේ කාඩ එක තවම සක්‍රිය කර නැහැ. 

කාඩ්පත PayPal වෙත add කළ පමණින් ඔබට කඩේපතෙන් ගණුදෙනු කරන්න බෑ.  ඊට කලින් ඔබ ඇතුලත් කළ කාඩ්පත ඔබේගේම බව තහවුරු කරන්න (confirm කරන්න) සිද්ධ වෙනවා.

PayPal වෙත link කළ Webcard එක වෙරිෆයි කරන්නෙ කොහොමද?

PayPal මගින් මේ කාර්යය සිදුකරන්නෙ සරළවම මෙන්න මෙහෙමයි. ඔවුන් අපි ඇතුලත් කළ කාඩ්පතෙන් ඔවුන්ගෙ ගිණුමකට $ 1.95 ක මුදලක් බැර කරගන්නවා. (මේ මුදල පසුව නැවත අපිට ලබා දෙනවා) එලෙස අපේ කාඩ්පතෙන් ඔවුන්ගෙ ගිණුමට මුදලක් බැරකර ගැනීමේදී PayPal code නම් කේතයක් අපේ බැංකු ප්‍රකාශනයෙ (bank statement එකේ) සටහන් වෙනවා. මෙන්න මේ විදියට සටහන් වන PayPal code එක නැවත අපි PayPal වෙත ලබා දුන් විට ඔවුන් මෙම කාඩ්පත අපේම බව තහවුරු කරගන්නවා. 

දැන් බලමු කොහොමද මේක කරන්නෙ කියලා.

1. ඉහතදි Add Card යන්න එබූ පසු දිස්වන මෙන්න මේ කවුළුවෙන් Save & Continue යන්න ඔබන්න. (මෙලෙස කළ පසු ඔබේ කාඩ්පතෙන් $ 1.95 ක මුදලක් ඔවුන් කපා ගන්නවා)

2. මීළඟට දිස්වන මෙන්න මේ විදිහට  දිස්වෙනවා අපි දැනට කරලා තියෙන දෑ සහ අපි මීළඟට කරන්න ඕනා දේවල් ටික ඉවසිල්ලෙන් කරලා බලන්න.
paypal  අපිට කියනවා මීළඟට අපේ බැංකු ප්‍රකාශනය පරීක්‍ෂා කරලා PayPal code එක ලබාදෙන්න කියලා. නමුත් අපේ මේ සම්පත් Webcard එක සඳහා අපිට මුද්‍රිත බැංකු ප්‍රකාශනයක් ලබාගැනීමේ පහසුකම හිමිවෙන්නෙ නෑ. එහෙනං කොහොමද PayPal code එක හොයාගන්නෙ?  හරිම ලේසියි. ඔබට කරන්න තියෙන්නෙ 0112300604 යන අංකයෙන් සම්පත් card center ඇමතීම පමණයි.  Card Center අමතලා ඔබ කියන්න ඔබට ඔබේ Webcard එකේ PayPal code එක ලබාදෙන්න කියලා. එවිට ඔවුන් ඔබෙන් ඔබේ Webcard අංකය ලබාගෙන ඔබට PayPal code එක ලබා දේවි.
3. එලෙස ලබාගත් අංක හතරකින් යුත් එම PayPal code එක ඔබ ඉහත කවුළුවෙදි Continue යන්න එබූ පසු දිස්වන පහත කවුළුවෙදි ඇතුලත් කරන්න.


මෙහිදී Resend PayPal code යන්න එබුවොත් නැවත වරක් ඔබෙන් $1.95ක මුදලක් කැපෙනවා. ඒ නිසා  ඒක ක්ලික් කරන්න  එපා. (එබුනත් අවුලක් නෑ ඉතිං, ආයෙත් ඒ මුදල කොහොමත් ඔබට ලැබෙනවා  ඉහත කවුළුවෙදි PayPal code එක ඇතුල් කර Submit යන්න එබූ පසු ඔබේ Webcard එක ඔබේම බව තහවුරු වී ඇති බව ඔබට දිස් වේවි.
දැන් ඔක්කොම හරි ඔයාලට paypal එකෙනුත් ebay එකෙනුත් බඩු ගෙන්වා ගන්න පුළුවන්..

ඇප්ලිකේෂන් එක මෙතනින් බා ගන්න....


ඔබට ජය!

8 comments:

  1. very important article thank you very much

    ReplyDelete
  2. 2500 5000 7500 10000 card එකේ සල්ලි ඉවර උනාම ආය සල්ලි දාන්න පුලුවන් නේද?

    ReplyDelete
    Replies
    1. පුළුවන් බැංකුවට ගිහින් දාගන්න පුළුවන්...

      Delete
  3. මේකෙන් බඩු විකුණන ක්‍රමයත් පැහැදිලි කරලා පෝස්ට් එකක් දාන්න පුළුවන් නම් ගොඩක් වටිනවා

    ReplyDelete
    Replies
    1. හරි මම ඒ ගැන පොස්ට් එකක් දාන්නම්...

      Delete
  4. Paypal ගිනුමක් හදන්ඩ ට්‍රයි එකක් දුන්න මන්. එතකොට ආපු ප්‍රශ්න ටිකක් මේ. Province, City/County, Adress, Postcode කියන ඒව නිවැරදිව පුරවන්නෙ කොහොමද? මන් ඉන්නෙ මීගමුව මිරිස්වත්තෙ. ලොකු උදව්වක්. ස්තූතියි

    ReplyDelete
  5. Mekedi apen wadipura money kapaganna puluwanda?wancha wage sidda wenawada?
    Badu sure ekata gedaratama labenawada? Warranty nadda?plz me walata answer dunnoth godak hodai .

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.