Saturday, January 16, 2016

හයිබ්‍රිඩ් කාර් එකක බැටරිය ගිණි ගන්නවාද?

  මෙය ගොඩක් දෙනෙකුට ඇති ගැටලුවක්.ඇත්තෙන්ම හයිබ්‍රිඩ් කාර් එකක බලසම්පන්න බැටරියක් තියෙනවා.එහි විශාල විද්‍යුත් ප්‍රමාණයක් ගබඩා කර තිබෙනවා.එවැනි හයිබ්‍රිඩ් රථයක් අනතුරට ලක් වුවහොත් මොකද වෙන්නේ..එහි විදුලි පරිපත ලුහුවත් වී ගිනිගැනීමට පුලුවන්ද?ඇත්තෙන්ම ඔබ ඒ ගැන බය විය යුතු නෑ.නිෂ්පාදකයන් මේ සියල්ල සැලකිල්ලට ගෙන තමයි එම රථ
නිර්මාණය කරලා තියෙන්නේ.බැටරියේ සිට පරිපථ වලට යන විදුලිය ගමන් කරන්නේ ප්‍රධාන ස්විචයක් හරහා.එය හයිබ්‍රිඩ් රථවල ඩිකියේ කුඩා තහඩු පියනකින් ආවරණය කර තිබෙනවා..


එය පහසුවෙන් විවුර්ත කල හැකියි.අනතුරක් හෝ අලුත්වැඩියා කරන අවස්ථාවකදී එම ස්විචය off කිරීම කල හැකියි.එවිට බැටරිය මගින් එන විදුලිය කපා හැරෙන නිසා ලුහුවත් වීමෙන් ඇතිවන ගිණි අවධානම නැතිවෙනවා..

ඔබට ජය!

1 comment:

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.