Friday, November 21, 2014

රුපියල් 95 ට LED බල්බයක් හදමු..

plastic led bulbs
  ඔයාල අපේ බ්ලොග් එක කියවලා LED බල්බ හදන්න පටන් ගත් කට්ටිය දැන් දන්නවා ඇති ඕවට ඕන කරන බඩුවල මිල ගොඩක් අඩුවෙලා කියල.ගොඩක් දෙනෙක් මගෙන් අහන දෙයක් තමයි ප්ලාස්ටික් LED බල්බ හොඳද කියලා..ඇත්තටම එම බල්බ වල අවුලක් නැහැ.. නමුත් ඇලුමිනියම් බල්බ තරම් කාර්යක්‍ෂම නැහැ..තාප සන්නයනය අඩුවෙන් තමා සිදුවන්නේ..නමුත් මිල අඩු නිසා භාවිතයට පහසුයි.දැනට මෙවැනි වොට් තුනක ප්ලාස්ටික් බල්බයකට අවශ්‍ය සියලු කොටස් රු.95 කට පිටකොටුවෙන් ගන්න පුළුවන්..වොට් පහක එකකට අවශ්‍ය සියලුම කොටස් රු.160 කට ගන්න
පුළුවන්..මෙම බල්බ සකස් කිරීම ඉතාම පහසුයි.එහි SMD බල්බ PCB එකට පාස්සලයි එන්නේ.අපිට කන්ඩෙන්සර දෙකත් වයර් කැබලි දෙකත් බල්බ ඇඩප්ටරත් සවිකරන්න විතරයි තියෙන්නේ..ඒවා සියල්ල කරන අයුරු මා මිට පෙර පොස්ට් එකකින් කියා දුන්නා මතක අති.එම බල්බ බරින් අඩු නිසා බිත්ති ලාම්පු වලට ඉතා හොඳයි.මෙහි PCB එකෙහි ඇති LED බල්බ දැවී ගිය විට ඒවා මල්ටිමීටරයක් මගින් පරික්ෂා කර නැවත අලුතින් දාන්න පුළුවන්...
ඔබට ජය!

6 comments:

  1. plstic led bulb wala thiyana smd bulb ganna thiyanawad?

    ReplyDelete
  2. මේකෙ පින් ටයිප් බල්බ් එක තියෙනවද ? ඒකෙ මිලත් මේ මිලමද ?
    බොහොම ස්තූතියි !

    ReplyDelete
  3. මම අනුරාධපුරේ දර්ශන කියලා කෙනෙක්. අද මම ඔබතුමාගේ මොබිටෙල් නම්බර් එකට ගත්තා. ඒත් කන්ටැක්ට් කරගන්න බැරි උනා. මට බල්බ් හදන වැඩේ ගැන උපදෙස් ටිකක් ගන්න තියෙනවා.මට උදව් කරන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. යාලුවනේ ඔයාලට බල්බ වලට අවශ්‍ය සියලු කොටස් තැපැල් මගින් ගෙන්වා ගන්න පුළුවන්..ම ඒ සඳහා හෙටදින බ්ලොග් එකේ ප්‍රමිල මහතා පත්කර තිබෙනවා..එතුමා සම්බන්ද කර ගන්න..0718301069

      Delete
  4. aiye oyaawa contac kara ganna puluwan namber ekak ewannako plzz...

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.