Wednesday, November 26, 2014

LED බල්බ වලට පෙට්ටියක් හදමු..

  ගොඩක් දෙනා අපේ පැකේජ අරගෙන LED බල්බ හදන්න පටන් අරන්.විශාල පිරිසක් තමාගේ නිවසට අවශ්‍ය බල්බ තමාම නිපදවා ගත්තා කියල දන්වලා එවලා තිබුනා.තවත් මහර අය ව්‍යාපාර විදිහට පටන් අරන්..සමහරු ගෙවීමේ ක්‍රමයටත් ලබා දෙනවාලු..එවැනි අය මගෙන් අහනවා එයාල හදන LED බල්බ වලට කාඩ්බෝඩ් පෙට්ටියක් හදන්නේ කොහොමද කියලා..මුලින්ම කියන්න ඕනා ඔය පෙට්ටි ඔයාල බඩු ගන්න කඩවලින්ම ගන්නත් පුළුවන්.නැතිනම් ඔබට මුද්‍රණ ආයතනයකට දීලා සාදවා ගන්න පුළුවන්..එහෙම කරනවා නම් පෙට්ටි ගොඩක්
එකවර සාදවා ගන්න එවිට වියදම අඩුයි..මතක ඇතිව ඔයාල එම පෙට්ටියට ඔයාලගේ ව්‍යාපාරයේ නමයි රජයේ ලියාපදිංචි කල අංකයයි දාන්න..ඔයාලගේ නිෂ්පාදිත ලිපිනය සදහන් කිරීමත් ඔබේ විශ්වාසය වැඩි කිරීමට හේතුවෙනවා.පිටකොටුවෙන් ගන්නවා නම් රුපියල් දහයකට පමණ ලබා ගන්න පුළුවන්.කොහොමටත් ඔබ ව්‍යාපාරයක් විදිහට කරනවා නම් මේ වගේ පෙට්ටියක් තිබීම ඉතා වැදගත්.ඔයාලා පිටකොටුවෙන් ගන්න පෙට්ටිවල ඔයාලගේ නම ගහල නැති නිසා ස්ටිකරයක් මුද්‍රණය කරලා අලවන්න.එතකොට වැඩේ හරි.මෙන්න මේ වගේ පතරොමක් තමයි පෙට්ටියකට ඕනා වෙන්නේ.
හරි දැනට පෙට්ටි භාවිතා කරන අය ඒවයේ විස්තර "අපේ පිටුවට"එවන්න.
ඔබට ජය 

3 comments:

  1. නියමයි.. මම ඊයේ ගෙනාපු වොට් 12 බල්බ් එකට ලස්සන පෙට්ටියක් තිබුනා..

    ReplyDelete
  2. ape namin wyparak register karanne khomada? ekata auriddata Rs 30000/= witara yanawada?

    ReplyDelete
    Replies
    1. දැන් කුඩා පරිමාන ව්‍යාපාර වලට බදු ඕනා නෑ..මෙවර අයවැයෙන් ඒ වාසියත් අපට ලැබුනානේ.කුඩා ව්‍යාපාර සියලු ගෙවීම් වලින් නිදහස්..

      Delete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.