Monday, April 18, 2016

CD එකෙන් ඉන්ටර්නෙට් වේගය වැඩි කරමු..

  පසුගිය පොස්ට් එකකින් මා ඔබට ඩොන්ගල් එක සදහා ඇන්ටෙනාවක් හදන හැටි කියලා දුන්න මතක ඇති.අද මම ඔබට එවැනි සරල ක්‍රමයකින් ඩොන්ගල් එකක ඉන්ටර්නෙට් වේගය මදක්වැඩි කරන හැටි කියලා දෙන්නම්..මේ සදහා අවශ්‍ය වන්නේ භාවිතා වෙන් ඉවත් කල CD එකක්.ඊට අමතරව මේල් හා ෆීමේල් වර්ගයේ USB ඩේටා කේබල් එකක් ඕනා වෙනවා..USB කේබල් එකේ ෆීමේල් පැත්ත CD එකේ දිලිසෙන පැත්තට සිටින  පරිදි එහි මැද සිදුරින් යවා සවිකරන්න.ස්ථිරව සවිකිරීමට මල්ටිබොන්ඩ් වැනි ගම් එකක් යොදන්න.සිග්නල් අඩු ප්‍රදේශයකදී තරමක් හෝ ප්‍රභලව ඔබට සිග්නල් ලබා ගැනීමට හැකි වේවි.CD එකේ ඇති ලෝහ වර්ගයන් විද්‍යත් චුම්භක තරංග පරාවර්තනය කිරීම මෙයට හේතුවයි..


No comments:

Post a Comment

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.